රාගල සෙනරත්පුර ඔයක දියනෑමට ගිය පාසල් සිසුන් (අවුරුදු 14 ක හා අවුරුදු 16 ක)දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූහ. මිතුරෙකුගේ දානමය පිංකමකට සහභාගී වීම සදහා පැමිණ සිටි සිසුන් දෙදෙනා නිවසට පහළින් ඇති ඔයේ මල් නෙලීමට ගිය බවත්, පසුව දිය නෑමට මෙම ඔයට පැන ඇති බවත් වාර්තා වේ.
ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සිරුරු ගොඩ ගෙන ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා සිසුන් දෙදෙනාගේ මෘත ශරිර නුවරඑළිය මූලික රෝහලේ තැම්පත් කර තිබේ.