නුවරඑළිය බදූල්ල ප්රධාන මාර්ගයේ නගරසභා ශාලාව අසල වාහන තුනක් එකිනෙක ගැටී සිදූවූ රිය අනතුරකින් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා නුවරඑළිය මූලික රෝහලේ හදීසි අනතුරු අංශයට ඇතුලත්කර ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.
ඊයේ (15) රාත්රී 11 ට පමණ නුවරඑළිය නගරය දක්වා එකම දිශාවකට ගමන් කළ ත්රීරෝද රථයක්, යතුරු පැදියක් සහ ජීප් රථයක් මෙසේ අනතුරට පත්ව තිඛෙන්නේ. ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථය පිටුපසින් පැමිණි යතුරු පැදිය ත්රීරෝද රථයේ ගැටෙනවාත් සමඟම කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ ජීප් රථය යතරු පැදියේ සහ ත්රීරෝද රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී තිඛෙනවා. මෙම අනතුරෙන් යතුරුපැදිකරුගේ පාදය කැඩි ගොස් නුවරඑළිය මූලික රෝහලට ඇතුලත් කළ බවයි අනතුරට පත් ත්රීරෝද රථයේ රියදූරා පවසන්නේ.
තුවාල ලැබූ යතුරුපැදිකරු නුවරඑළිය මීපිළිමාන ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ වයස අවුරුදූ 23 ක් බවත් නුවරඑළිය පොලීසිය පවසනවා. අනතුර පිළිබඳව නුවරඑළිය පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිඛෙනවා.