ජනපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් එක් අපේක්ෂකයෙකුගේ අපේක්ෂකත්වය පමණක් ප්‍රවර්ධනය සඳහා ඉතාමත් පක්ෂග්රාහී සහ අත්තනෝමතික ලෙස කටයුතු කරන බව සඳහන් කරමින් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතීඥ නාමල් රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට අද (26දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මැතිවරණ කොමසාරිස්වරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කොට රාජ්‍ය මාධ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නිසි බලධරයෙකු වහාම පත්කරන ලෙසද නීතීඥ නාමල් රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.