නීතිවිරෝධී වනජීවී වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පෙබරවාරි 12 සහ 13 යන දෙදින තුළ මහා බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව විශේෂ අවධානය යොමු වන්නේ ගෝලිය වශයෙන් සිදුකරනු ලබන වනාන්තර සහ වනජීවී සංහාරය ගැනය. එසේම වඳවීමේ තර්ජනයට ලක්වී ඇති අලි ඇතුන්, කොටින් සහ රයිනෝසිරස් යන සතුන් සංරක්ෂණය කිරීම ගැනද මෙහිදි ප්රමුඛ අවධානය යොමු කෙරෙන බව පැවසෙයි.
මෙම සමුළුවට බ්‍රිතානයේ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ඇතුළු රට රටවල රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වීමට නියමිත බවද පැවසෙයි.
නීතිවිරෝධී වනජීවී වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි වීමට නියමිත අතර, හෙතෙම පෙබරවාරි 10 වැනිදා සමුළුව වෙනුවෙන් දිවයිනෙන් බැහැරව යන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.