නීතිවිරෝධී ලෙස වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා එකලස් කර තිබූ වාහන 54ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අද (01දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නීතිවිරෝධී ක්‍රියාව නිසා රජයට රුපියල් ලක්ෂ 3250ක බදු ආදායමක් අහිමි වී ගොස් තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
වාහන එකලස් කිරීමේ ස්ථානය මිනුවන්ගොඩ කර්මාන්ත පුරයේ පිහිටා තිබූ බවත්, පොලීසිය සිදුකළ සෝදිසි කිරීමේදී අත්අඩංගුවට ගත් වාහන සඳහා කිසිදු ලිපිලේඛනයක් නොතිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
මේ නිසා වෙහිකල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයෙන් වාහන මිලදීගෙන වංචනික ක්‍රියාවකට හසු වී තිබෙනවා නම් ඒ පිළිබඳ 0382234314 අංකයට හෝ 0392234315 යන දුරකථන අංක මගින් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කරන ලෙසත්, මීට අමතරව එම ඒකකයට පැමිණ පැමිණිලි කිරීමටද හැකියාව තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.