නීතිවිරෝධී ලෙස ගබ්සා කටයුතු සිදුකළ කැලණිය ප්‍රදේශයේ නිවසක් වටලා, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සමග කාන්තාවක සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය පවසයි.
කැලණිය දළුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා විසින් රුපියල් අටදහසක් අයකරමින් අදාළ නිවස තුළදී හංවැල්ල, රණාල පදිංචි අදාළ කාන්තාවට නීතිරෝධී ගබ්සාවක් සිදුකර ඇත. එම අවස්ථාවේදී ඇගේ සැමියාද එහි සිට ඇත.
එම ස්ථානයේ තිබී ගබ්සා කිරීමට යොදාගත් උපකරණ එන්නත් කටු, බෙහෙත් පෙති ආදියද අත්අඩංගුවට ගෙන ඇත.
අමිල පලිහවඩන