නීතිවිරෝධී ආකාරයට අලි ඇතුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත්, මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජෙනරාල් එච්.ඩී. රත්නායක මහතා සඳහන් කළේය.
නීතිවිරෝධී ආකාරයට අලි ඇතුන් ළඟ තබා ගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔවුන් සතුව සිටින අලි ඇතුන් රැඳවීම සඳහා උඩවලට ඇත් අතුරු සේවණේ ස්ථානයක් සකස් කර තිබෙන බවද පවසා සිටියේය.