ඌව පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමේදී ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නත් සහ ප්‍රචණ්ඩකාරී ආකාරයෙන් හැසිරෙන පිරිස්වලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඌව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සිට සියලුම පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන බවත්, එම උපදෙස්වලට අනුව සියලුම පොලිස් නිලධාරීන් කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.