නීතිපති දෙපාර්තමේන්තුව සඳහා රජයේ අධිනීතීඥවරුන් 100 දෙනෙකු එළඹෙන ජනවාරි මාසයේදී බඳවා ගැනීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැනට සිටින අධිනීතීඥවරුන් 118, 218 දක්වා ඉහළ යන බවත්, එසේම රජයේ අධිනීතීඥවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.