උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සාධනීය පියවරක් ලෙස පළාත් අධීක්ෂණ ක්රියාපිළිවෙලකට ඉඩ සැලසීම සඳහා 2014 අප්‍රේල් 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව පැවසෙයි.
මෙම පියවර උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ 9.212 දරන පහත සඳහන් නිර්දේශය ආමන්ත්‍රණය කරයි. "අපරාධ පරීක්ෂණ නීතිමය පියවර ගැනීම සහ අපරාධ යුක්ති පද්ධතිය ආශ්රිත වෙනත් කාරණා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මග පෙන්වීම හා උපදෙස් දීම සඳහා පළාත්වල නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුවීම".
නව පද්ධතිය යටතේ එක් එක් පළාත තුල සියලු සිවිල් හා අපරාධ කටයුතු සම්න්බන්ධ කරුණු පාලනය කිරීමට පළාත් නවය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරු නව දෙනෙකු පත් කර ඇත. ඔවුන්ට සහාය වීම සඳහා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු දෙදෙනෙකු විසින් සිවිල් හා අපරාධ කොට්ඨාශ සමස්ත වශයෙන් අධීක්ෂණය කිරීම සිදු කරනු ඇති අතර පළාතේ අධීක්ෂණ නිලධාරීන් සමග සම්න්බන්ධව කටයුතු කරනු ඇත.
දෙපාර්තමේන්තුව හා පළාත් අතර සමීප සබඳතාවක් ස්ථාපනය කිරීම නව ක්‍රියාවලියේ අරමුණයි. පලාත භාර අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ට නීතිපතිගේ මග පෙන්වීම හා අධීක්ෂණය අවශ්‍ය වන්නා වූ සියලු කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන ලේකම් හා අනෙකුත් ප්‍රාදේශීය අමාත්‍යංශ ලේකම්වරු සමගින් ඍජුව සම්බන්ධවීමේ අවස්ථාව මේ තුලින් හිමිවෙන බවද පැවසෙයි.