සුරියවැව නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය රෝගීන් සදහා ප්‍රථිකාර කරණ වෛද්‍ය මධ්‍යස්ථානයක් වැටලීමට අද (26) සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සුරීයවැව පොලීසිය සමත් වීය.
සුරියවැව නගරයේ කුළී පදනම මත ලබාගත් නිවසක මෙම නීතිවිරෝධී ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර රෝගීන් රවටමින් එක් අයකුගෙන් රුපියල් 15,000 සිට 50,000 දක්වා මුදලක් අයකර තබෛන බව වාර්ථා වේ.තරුණ කාන්තාවක් හා ඇයගේ පුරුෂයා මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර කාන්තාව ආරූඩ වී රෝගීන්ගේ ලෙඩ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු විවිධ ඖෂධ වර්ග රෝගීන්ට ලබා දී තිබේ.මොවුන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.වැටලීම සිදු කරණ අවස්ථාව වන විටත් රෝගීන් පිරිසක් ප්‍රථිකාර ලබා ගැනිම සදහා මෙම ස්ථානයට පැමිණ පැමිණ සිටියහ.රෝගීන් සදහා ලබාදීමට ගෙනවිත් තිබූ විවිධ ආයුර්වේද බෙහෙත් වර්ග තොගයක්ද නිවසේ තිබී හමු වී තිබේ.මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදු වගකිව යුතු ආයතනයක ලිපාපදිංචියක් විමකින් තොරව වන අතර රෝගීන් සදහා ප්‍රතිකාර කළ කාන්තාවටද කිසිදු සුදුසු කමක් නොමැතිවය.
බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචියක් නොමැතිව රෝගීන්ට ප්‍රථිකාර කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම නීති විරෝධීබවයි අප කළ විමසිමකදී සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුසන්ත කාරියවසම් මහතා පැවසුවේ.මෙම නීතිවිරෝධී ප්‍රථිකාර කරණ ස්ථානය පවත්වාගෙන ගිය තරුණ යුවල හා නිවසේ අයිති කරු සුරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරියවැව නුවන් ජයසේකර