නීති විරෝධී ලෙස වාහන එකලස් කරන පුද්ගලයෙකු ලියාපදිංචි අංක නොමැති මෝටර් රථයක් සමඟ ඊයේ (07දා) රාත්රී කාලයේදී ගාලු පාර, තල්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව වාද්දූව පොලීසිය අද (08දා) සඳහන් කර සිටියේය.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 44ක්වූ තල්පිටිය, වාද්දූව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරු අද (08දා) පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිදුවීම සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.