අරණායක පොලීසිය විසින් කරනු ලැබු සොදිසි මෙහෙයුමකදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ තිබි නිති විරෝධි මත්පැන් මිලි ලිටර් 3750 (බෝතල් 05ක්) සොයාගත් බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයාද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අද (08දා) මෙම මෙහෙයම සිදුකර ඇති අතර කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරි ගාමිණී තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම මෙහෙයුම සිදුකර තිබේ.
සමන් විජය බණ්ඩාර