පාසල් සිසුන්ට නිළ ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීමෙන් ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ඔවුන් කියා සිටින්නේ දරුවන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන බවයි.
පාසල් සිසුන්ට නිළ ඇඳුම් වවුචර්පත් ලබාදීමට තිබූ කාලය ඊයේ (04) දිනයෙන් අවසන් වුවත් දිවයිනේ බොහෝ පාසල්වල අදාළ වවුචර්පත් සිසුන්ට ලබාදීමට හැකියාවක් ලැබී නොමැතිබවත් වාර්තාවේ.