පවුල්වාදී දේශපාලනය යළිත් ගෙන ඒමට උත්සාහ දරන පිරිසක් බස්නාහිර පළාත් සභාවේ පාලනය අතට ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව එම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (23දා) පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය ඊයේ පරාජය කිරීම පිටුපස එම කණ්ඩායම සිටින බවත්, ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.