ගම්පහ පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට දුරකතනයෙන් ලද තොරතුරකට අනුව කල් ඉකුත්වීමේ දින හෝ නිෂ්පාදිත දින හෝ සටහන් කර නොමැති රුපියල් මිලියන 30ක් පමණ වටිනා කොකෝවා ටොන් 67 ක් අද (17) අත්අඩංගුවට ගැනීමට ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු කටයුතු කළහ. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුයේ කැලණිය බියගම පාරේ පට්ටිය හන්දිය ප්ර දේශයේ අංක 276/1 දරණ ස්ථානයේ ගබඩාවක තිබු කොකෝවා ඇට තොගයකි. පරීක්ෂණ කටයුතු සදහා ඉන් සාම්පල ලබාගැනීමක් සිදුකල අතර එම ගබඩාවට නිලධාරීන් විසින් සීල් තබන ලදී.