අගලවත්ත දාපිළිගොඩ නාන තොටුපළක දියනෑමට ගිය නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ සරසවියේ ඉගෙනුම ලබන 23 හැවිරිදි චලනි නිත්‍යා පෙරේරා සහ පියුමි නිත්‍යා පෙරේරාය.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මළ සිරුරු නාගොඩ රෝහල වෙත යැවීමට නියමිතයි.
මතුගම මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වනු ලබයි.
ජේ.සී.එම් මද්දුමගේ - මතුගම