එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත රටවල් 13 ක නියෝජනයකින් සමන්විත නිවර්තන කලාපීය පලතුරු සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ 06 වැනි මහා සමුළුව ගල්කිස්ස මහ හෝටලයේදී අද (03දා) ආරම්භ විය.
දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 19 ක ඉහළ මට්ටමේ නිලධාරීන් 45 දෙනෙකු සහභාගී වන අතර, මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා සහභාගී විය.