නිරිතදිගට වැසි තාවකාලිකව අඩු වුවත් මධ්‍යම සබරගමු හා බස්නාහිර තවදුරටත් වැසි
දිවයිනේ නිරිතදිග කොටස්වල වැසි සහිත කාලගුණ තත්ත්වය අද (13දා) දිනයේ තාවකාලිකව අඩු වුවත්, දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් විටින්විට මෝසම් වැසි ඇති වී, මෙම වැසි වයඹ පළාත දක්වාද පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සැලකීමේදී, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එහිදී, සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන බවත්, සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බවත් පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

