දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හෙටින් (07දා) පසු තරමක් අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (07දා) දිනයට අදාළව අද (06දා) සවස 4.00ට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
එසේම දකුණු, මධ්‍යම, බස්නාහිර, වයඹ හා සබරගමුව යන පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි, (75-100mm පමණ) බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද පවසයි.