(VIDEO) අද (02දා) තමන්ට ඉතාමත් අප්‍රසන්න සිදුවිමකට මුහුණදීමට සිදුවූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. බොරැල්ල ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීමක් තුළදි හමුවූ මිනිස් හිස් කබල් හා ඇටකටු මාර්ගයේ තැන් තැන්වල දමා තිබීම මෙයට හේතුව බව ඔහු පවසය. සම්බන්ධයෙන් වන විඩියෝවක්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ. බස්නාහි පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
"Unbelievable! ඉතාමත් අප්‍රසන්න සිදුවීමකට මා අද උදෑසන මුහුණ දුන්නා. මෙහෙම දේවල් නොවිය යුතුබව මාගේ පුද්ගලික අදහසයි." යැයි අමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණුමට සටහනක් එක්කරමින් පවසයි.