මාස ගණනාවක සිට නියඟය ඇති වී තිබෙන ප්‍ර‘දේශවලට පසුගිය සතියේදී අවස්ථා ගණනාවකදීම වර්ෂා තත්ත්වයක් ඇති වුවත්, නියඟය නිසා පීඩාවට පත්ව ඇති පුද්ගලයන් ප්‍රමාණය මේ වනවිට විසිලක්ෂ හත්දහස් අටසිය පහළොවක් පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පළාත් හයක දිස්ත්‍රික්ක 14 ක පදිංචි පවුල් 5,785,868කට අයත් මෙම පුද්ගලයන් සංඛ්‍යාව නියඟය නිසා පීඩාවට පත්වෙමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයෙන් පසු සැලකිය යුතු වර්ෂාපතනයක් අදාළ ප්‍ර‘දේශවලට නොලැබීම නිසාය.