නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා ජීවන තත්ත්වය නංවාලීමට කඩිනම් වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ යටතේ, වගා හානි නිසා දෛනික ආදායම් මාර්ග අවහිර වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණදෙන පවුල්වල ජීවනෝපාය සඳහා ඒ ඒ ප්‍රදේශවල හඳුනාගත් වැඩ සඳහා මුදල් යෙදවීමෙන් ආදායම් මාර්ග ඇති කිරීමට 'වැඩ සඳහා මුදල් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමටද, ජලාශ හා වැව්වල රොන්මඩ ඉවත් කිරීම මගින් ජලය රැඳවීමේ ධාරිතාවය ඉහළ නැංවීමටද, ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් කඩිනමින් ලබාදීම සඳහා ජල බවුසර් යෙදවීමටද, වගා කටයුතු සඳහා භාවිත කරන කෘෂි ළිංවලින් තෝරාගත් කෘෂි ලිං 600ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු යොදා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එහිදී, මෙම වැඩසටහන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එක් එක් දිස්ත්‍රික්කය සඳහා දැනටමත් වෙන්කර ඇති බවත්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.