පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය ජල හිඟයට මුහුණපා ඇති ජනතාවට ජලය රැස්කරගැනීම සඳහා අවශ්‍ය භාජන ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
බවුසර්වලින් පානීය ජලය ලබාදුන්නද, එම ජලය රැස්කරගැනීම සඳහා ප්‍රමාණවත් ජල බඳුන් නොමැතිකමින් බෙදාහරින ජලය රැස්කරගැනීමේ ගැටලුවක් ඇතැයි හෙළිදරව් වීම නිසා අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පොළොන්නරුව දිසාපති කාර්යාලයේ දුරකථන අංක 0272222233 හෝ 0272222235 යන දුරකථන අංකවලින් ලබාගත හැකිය.