දැඩි නියඟය නිසා බීමට දියපොදක් සොයාගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දුක් විඳිද්දී සහ එක් පුද්ගලයෙකු ලක්ෂ තුනහමාරක ණයකාරයෙකු වී තිබියදීත්, ලෝකය වටා සල්ලි බෙදමින් යන්නේ කුමන පදනමකින්ද යන්න වහාම රටට හෙළිකරන ලෙස එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.උගන්ඩා රටේ ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට රුපියල් මිලියන ගණන් වියදම් කළ ආණ්ඩුව මේ දිනවල ජල හිඟයකට මුහුණදී සිටින ජනතාවට නිසිලෙස ජල පොදක් ලබාදීමට කටයුතු නොකළ බවත්, විවිධ සංවිධාන සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීමට අනුව යම් යම් ආයතන උපකාර නොකළා නම් නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට යන එනමං නැතිවන බවත් එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.