මේ වන විට දිවයිනට බලපා ඇති වියළි කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින පවුල් ප්‍රමාණය 111,329 ක පුද්ගලයන් 606478ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (16දා) දිනයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණයේ බලපෑම ඇති වී තිබුණේ දිස්ත්‍රික්ක 09ක පවුල් 45440කට අයත් පුද්ගලයන් 14,9688 කට පමණි.
එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව මෙහි බලපෑම දිස්ත්‍රික්ක 12ක පවුල් 111329කට අයත් පුද්ගලයන් 606478කට බලපා තිබේ.