නියං වගා වන්දි ලෙස එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 27ක් ලබාදීලා
කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් නියං වගා වන්දි ලෙස එක ගොවියකුට රුපියල් විසි හත් ලක්ෂ එක්දහස් තුන්සිය පනස් හතරයි ශත හතළිහක මුදලක් ගෙවා තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද 24දා හෙළි කළේය.
එක ගොවියකුට මෙසේ විශාල වන්දියක් ලබාදී ඇත්තේ වංචාවක් සිදු කිරීමට බවට සැකයක් පවතින බව සමස්ත එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි උපසභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු අද (24දා) දඹුල්ලේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ සුසන්ත කුමාර නවරත්න මහතා මෙසේ පැවසීය,
කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් ගල්ගමුව ගිරිබාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඒකාබද්ධ ගිණුමක් හිමි මංජුල තෙන්නකෝන් සහ දිස්නා චාන්දනී යන දෙදෙනාගේ ගිණුමට 2017.02.18 දින වගා වන්දි ලෙසවන රුපියල් විසිපන්ලක්ෂ තිස් හත්දහස් හතරයි ශත හතළියක මුදලක් බැරකොට තිබෙනවා. මීට අමතරව 2017.06.14 දින පමණක් රුපියල් අටදහස් හයසිය පනහ බැගින් 19 වතාවක් එම ගිණුමට බැරකර ඇති බව හෙළිවී තිබෙනවා.
නාමල් කරුණාරත්න මහතා සඳහන් කර සිටියේ,
වගා වන්දි ගෙවා නැති ගොවින් රැසක් සිටියදී ඉතා සැලසුම් සහගතව ගොවි වන්දි මුදල් වංචා කරන බවට සැකයක් මතුවනවා. කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ (මුදල් )ජේ. අධිකාරි මහත්මියගෙන් අප මේ පිළිබඳව කළ විමසීමේදී කීවේ රක්ෂණ අංශයෙන් ඒවා ඇති පිළිවෙලට ගිණුම් වලට මුදල් බැරකර තිබෙන බවත් ඒ පිළිබඳව තමන්ට ප්‍රකාශයක් ලබාදීමට හැකියාවක් නොමැති බවත්ය.
මුදල් අධ්යක්ෂ සමන් සුබසිංහ මහතා නිවාඩු ලබා ඇති බවද ඇය පවසා සිටියාය. මේ පිළිබඳව විමසීමට එහි සභාපති සිඩ්නි ගජනායක මහතා සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් තමන් සතුව නොමැති බවද ඒ මහත්මිය පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

