නිදැල්ලේ යන ගවයින් අල්වා ගාල් කිරීමට පියවර ගන්නා බවත් එය ඊයේ (13දා) සිට ක්‍රියාත්මක බවත් බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
බස්නාහිර පළාත තුළ ගවයින් නිදැල්ලේ හැරීමට කටයුතු කිරීම වැඩි වශයෙන් දක්නට ඇති බවත් එය සංවර්ධනය ඇතුළු විවිධ ආකාරයෙන් ගැටලු සඳහා හේතුවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
නිදැල්ලේ හැසිරෙන ගවයින් හේතුවෙන් මහජනතාවට හිරිහැර සිදුවීම, රිය අනතුරු, ව්‍යාපාරික ප්‍රජාවට හිරිහැර සිදුවීම, රිය අනතුරු, මාර්ග තදබදය ආදී ගැටලු ඇතිවෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අමාත්‍යාංශයේ නිවේදනයට ප්‍රතිචාර නොදක්වන ගව හිමියන්ගේ ගවයින් අල්ලා ආරක්ෂිතව ගාල් කර තැබීමට බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මගින් පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.