ඓතිහාසික රුවන්වැලි චෛත්‍යයේ වැලි මළුව ප්‍රතිසංස්කරණය කර වැලි ඇතිරීම ඊයේ (12දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහිදී අදහස් පළකළ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමිපාණන් සඳහන් කළේ 1948 වසරින් පසු මෙවැනි පිංකමක් රුවන්වැලි සෑ රදුන් අභියස සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම වැඩසටහන සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වැය කර ඇති මුදල රු.මි. 23.2 කි. වැලි කියුබ් 483 ක් පමණ මළුවේ ඇතිරීම සඳහා යොදාගැනීමට නියමිතය.
ඒ සඳහා ව්‍යාපාරිකයන්ද වැලි පරිත්‍යාග කර ඇති අතර සංරක්ෂණ කටයුතු සඳහා 16,741 දෙනෙකු ශ්‍රමදායකත්වය ලබාදී ඇත.