ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 66 දෙනෙකු සහ ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකීය ධීවරයන් 30 දෙනෙකු නිදහස් කෙරුණු අතර, ඔවුන් හුවමාරු කිරීම කන්කසන්තුරයට නාවික සැතපුම් 15 ක් උතුරින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුවිණි.
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් වන 'විශ්වාස්ත්' නෞකාව වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඉන්දියානු රජය විසින් නිදහස් කළ ශ්‍රී ලංකාවේ ධීවරයන් 30 දෙනෙකු මෙරටට රැගෙන ඒමටද නාවික හමුදාව කටයුතු කරන ලදී.