දිගින් දිගටම දුරකථනය හරහා තමාට මරණ තර්ජන එල්ල වන බව සඳහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා අද (30දා) පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.
පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා දුරකථන ඇමතුම් 7 කින් තමා මරාදමන බවට තර්ජනය කළ බව ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව මාධ්‍ය සගයන්ගේ හා නීතිඥයන්ගේ ඉල්ලීම් සලකා බලා අද (30දා) පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද හෙතෙම පැවසීය.