ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට සහ පක්ෂ විනය නීතිවලට පටහැනිව ක්‍රියාකරමින් කටයුතු කර ඇතිබව සඳහන් කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන අමාත්‍යවරුන් 4 දෙනෙකු ඇතුලූ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තහනම් කර තිබේ.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් මෙන්ම පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙලෙස තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.ඒ පිළිබඳව ඔවුන් වෙත මේ පිළිබඳව දැනුම්දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්ය. පක්ෂයේ නීතිරීතිවලට පටහැනිව මොවුන් ක්‍රියාකිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.