තමන් හමුදාවන්ට සෑම දෙයක්ම ලබාදුන් බවත්, තරුණයින් බඳවා ගන්නා අතරතුළදී තම දරුවා වන රෝහිත රාජපක්ෂද නාවික හමුදාවට එක්කළ බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර රැලිය අමතමින් හෙතෙම මෙම අදහස් ඊයේ (2දා) ප්රකාශ කළේය.
“හමුදාවට මොකුත් දුන්නේ නැති යුගයක් තිබුණා. අපි තරුණයින් බඳවා ගන්න කියලා ආරාධනා කළා. මම ඒ වෙනුවට මගේ දරුවත් නාවික හමුදාවට බැන්දුවේ නිකන් නෙමෙයි, මේ රටේ ජනතාවගේ නිදහස් සටනට යන්න ඕන නිසයි. ඒ දිනාගත්ත රට පාවාදෙන්න කිසිවෙකුට ආයේ ඉඩක් නෑ.” යැයි ජනපතිවරයා පැවැසීය.