විදේශීය මුදල් තොගයක් නීති විරෝධී අයුරින් බැංගලෝරය බලා ගෙන යාමට තැත් කළ විදේශිකයෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (31දා) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන්දීය ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ ගමන් මල්ලේ තිබූ රුපියල් තිස් පන්ලක්ෂ විසි දෙදෙහසක් පමණ මුදල් නෝට්ටු තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
මේ විදේශීය මුදල් නෝට්ටු අතර ඇමෙරිකානු ඩොලර්, යුරෝ සහ හොංකොං ඩොලර් වන බවද පැවසේ.
ගුවන්තොටුපොළ රේගුව සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
