ඉන්ධන බවුසර් සඳහා 2016 වසරේ අනුමත කළ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය දින 14ක් තළ ක්‍රියාත්මක නොකළහොත්, තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳ හෙට (08දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලිඛිතව දැනුම් දෙන බවද එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.
රටේ දෛනික ඉන්ධන අවශ්‍යතාවෙන් 80%ක් බෙදාහැරෙන්නේ පෞද්ගලික බවුසර් මගින් බවත්, අදාළ බවුසර් සඳහා ගෙවීම් සිදු කරන්නේ 2015 වසරේ ඇති කළ මිල සූත්‍රයකට අනුව බවත් ඔහු පවසා සිටියේය.
පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් 2016 වසරේදී ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයක් සකස්කර අනුමත කළ බවත්, එහෙත් මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවත් සම ලේකම්වරයා සඳහන් කළේය.