නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායකධුරය සඳහා නාම යෝජනා දෙකක් ලැබි ඇතැයි පළාත් සභාව කියයි.
නැගෙනහිර පළාත් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික ඇමති විමලවීර දිසානායක මහතාගේ නාමයෝජනාව හා එහි හිටපු විපක්ෂ නායක දයා ගමගේ මහතාගේ නාම යෝජනා මෙලෙස ලිඛිතව ඉදිරිපත්වී තිබේ.
දයා ගමගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ජාතික සංවිධායක වන අතර 2008 වසරේ ආරම්භ කළ පළමු නැගෙනහිර පළාත් සභාවේ ආරම්භක විපක්ෂ නායක ලෙස 2012 දක්වා කටයුතු කළේය.
විමලවීර දිසානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පළමු නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන සංස්කෘතික, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිවරයා ලෙස 2012දක්වාත් දෙවැනි පළාත් සභාවේ එම අමාත්‍යධුරය 2015 පෙබරවාරි දක්වාත් දරා ජනාධිපතිවරණයේ බල පෙරලියෙන් පසු දැනට මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා පැවසුවේ ඉදිරියේදි ප්‍රකාශයක් කරන බවත්, 16 දා පළාත් සභා සැසිය පැවැත්වවෙන බවත්ය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජීව