නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස පුරා වසර 09 ක් කටයුතු කළ රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා අද (20දා) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
2006 ජනවාරි 20 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එවකට ඒකාබද්ධව තිබූ උතුරු නැගෙනහිර පළාත් සභාව සඳහා ආණ්ඩුකාර ලෙස මොහාන් විජේවික්‍රම මහතා පත්කරනු ලැබ තිබුණි.
ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් සභාවේ අවසන් ආණ්ඩුකාරවයා වූ ඒ මහතා 2006 ඔක්තෝබර් අධිකරණ තීන්දුවකින් නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා හා උතුරු පළාත් සභාවේ වැඩබලන ප්‍රථම ආණ්ඩුකාරවරයාද විය.
වැඩබලන ආණ්ඩුකාර ලේකම් එම්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ, අදාළ අස්වීමේ ලිපිය ෆැක්ස් ආණ්ඩුකාරවරයා විසින් මගින් ජනාධිපතිවරයා වෙත යැවූ බවයි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජීව