www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් තායිලන්තය බලා පිටත් වන ලදී. මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ මෙම නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වේ. මේ සඳහා නිලධාරීන් 18 දෙනෙකුන් සහ නාවිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී විය. නෞකාව පෙරේදා (09දා) දිවයිනෙන් පිටත්විය. අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පට්ටයා මුහුදු ප්‍රදේශයේදී එම නෞකා දැක්ම පැවැත්වීමට නියමිතව ඇත. මෙම නෞකා දැක්ම සහ නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් යුද නෞකාවන් 26 ක් සහභාගී වීමට නියමිතව ඇත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd