කච්චතිව්වලට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේදී ගිලෙමින් තිබූ බෝට්ටුවක සිටි ඉන්දීය ධීවරයන් හයදෙනෙකු බේරාගෙන කයිට්ස් පොලීසියට බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
ඊයේ (02දා) බාරදුන් මෙම ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිටි බැවින් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවත්, දැනට ඔවුන් කයිට්ස් පොලීසියේ රඳවා සිටින බවත් නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.