නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න මහතා ඊයේ (16දා) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා මූලස්ථානයේ දී හමු විය.
ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොළ විසින් නව නාවික හමුදා ප්‍රධානී පිළිගත් අතර, ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනැමීය.