ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොට්ඨාසයේ සේවය කළ සෙබළෙකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (04දා) අලුයම 5.30ට පමණ පානම ශස්ත්රවෙල නාවික හමුදා සෙබළෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු උදෑසන ශරීරික සුවතා සිදු කිරීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබේ. අවුරුදු 42ක් වූ පියසේනගේ චන්ද්‍රසේන රණවීර නම් නාවික සෙබෙළෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.