නාවලපිටියෙන් මැලේරියා රෝගියෙකු සොයාගැනේ
ශ්‍රී ලංකාව තුළින් මැලේරියාව තුරන් කර ඇති පසුබිමකදී නාවලපිටිය ප්‍රදේශයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. ඒ අනුව මැලේරියා මර්දන ඒකකය මගින් මෙම රෝගියා ජීවත්ව සිටින නාවලපිටිය අඹගමුව ප්‍රදේශයේ කිලෝමීටරයක වපසරියක පදිංචි සියලුම අයගෙන් පරීක්ෂාව සඳහා රුධිරය ලබාගෙන ඇත.
දකුණු අප්රියාවේ රැකියාවක නිරතව සිටි පසුගිය මස 27 වැනිදා මේ රටට පැමිණ ඇති මොහු මීට දින කීපයකට පෙර උණ රෝගයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබී ඇත. එහිදී වෛද්‍යවරැන් මොහුට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි ප්‍රතිකාර කොට දින 04 කට පසු නිවසට යවා ඇත.
නමුත් මොහුගේ උණ රෝග තත්ත්වය යළිත් උත්සන්නවී ඇති අතර, රුධිර පරීක්ෂාවක් සඳහා නාවලපිටිය පුද්ගලික රසායනාගාරයක් වෙත මොහුගේ රුධිර සාම්පලයක් ලැබී ඇති අතර, ඒ අනුව සිදුකළ සම්පූර්ණ රුධිර පරීක්ෂාවකදී මොහු මැලේරියා රෝගයට ගොදුරැව ඇති බව සොයා ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
