බොරැල්ල, නාලන්ද විදුහල අසළ මාර්ගයේ ත්රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙකු වෙඩි වැදී මියගොස් ඇති බව බොරැල්ල පොලීසිය කියයි.
අද (19දා) පෙවරුව 9.10ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ. මාලිගාවත්තේ පදිංචි 45 හැවැරදි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු ත්රිරෝද රථය පදවාගෙන යමින් සිටින විට නාඳුනන පුද්ගලයෙකු වෙඩි තබා පළාගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.