නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපති උපුල් ධම්මික ලක්ෂ 25ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.
අද (04දා) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණු අතර හිටපු ස්ථානාධිපතිවරයා අම්පාර පොලීසියට මාරු කර යවා තිබුණි.
කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව ලක්ෂ 25ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල යන අයද මිට ඉහතදි මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.