තමන් එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග ඩීල් දමා නොමැති බවත් එක පාරක් රැවටුණ පුද්ගලයෙක් තව පාරක් නොරැවටෙන බවත්පළාත් පාලන මැතිවරණය වත්මන් රජය පාඩමක් උගැන්වීමට තිබෙන අවස්ථාක් බවත් එය ජයග්රහණය කිරීමේ වගකීම ජනතාව සතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ රැළියක් අනුරාධපුරයේදී ඊයේ (12දා) අමතමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
“දැන් මෙච්චර කාලයක් කිව්වේ මහින්ද ඒ අය එක්ක ඩීලා දානවා කියලා.දැන් කට්ටිය කියනවා මහින්දයා මෛත්රී එක්කත් ඩීල් දානවා කියලා.මේ නම් මාර මිනිහෙක්නේ. සහෝදරයා මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි වැඩ නායකයෝ එක්කත් නෑ. යූඇන්පීය එක්කත් නෑ.”
අනුරාධපුර චතුරංග/ තිසර සමල්