"මේ රටට විශිෂ්ඨ සේවයක් කරපු නායකයට ගෙදරට වෙලා ඉන්නවට අපි එකඟ නෑ. එහෙම වෙන්නෙත් නෑ. එහෙම වෙන්න ඉඩතියන්නෙත් නෑ. කවුරුහරි හදනවානම් ගෙදරට වෙලා තියන්න ඒකට අපි ඉඩ තියන්නෙත් නෑ" යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා පැවැසීය.
කොළඹදී අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
"කෘතවේදී මිනිසුන් කදුළු සලනවා. අපි ඔවුන්ට කියනවා ඔබේ නායකයා පරාජය වුණේ නෑ. තාවකාලිකව පිටුපසට ගියා පමණයි. ඔබේ නායකයා මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ඔබේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා කැපවෙනවා කියන එක අපි ඉතා ඕනෑ කමින් ප්‍රකාශයට පත්කරනවා" යනුවෙන්ද ඔහු පැවැසීය.
එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය ලබා දෙන බවත් සන්ධාන නායකයෝ මෙහිදී සඳහන් කළහ.