ලබන 22 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් පෙරමුණේ ජාතික සමුළුව එහි නායක විමල් වීරවංශ මහතා සිරගතකළා යැයි නතර නොකරන බවත්,22 සිට 24 දක්වා එම සමුළුව පවත්වන බවද ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. අද (11දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ජනිපේ නායක විමල් වීරවංශ මහතා එළැඹෙන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.