විදුහල්පතිවරුන්ට ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදු වූ අනතුරකින් විදුහල්පතිනියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරින් 11 දෙනෙකුට විනයානුකූල ක්‍රියාමාර්ග ගැනිමටත් එයින් දෙදෙනෙක් තනතුරුවලින් ඉවත් නිර්දේශ කර තිබේ.
ඒ එම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදු කළ කමිටුවේ වාර්තාව තුළිනි.
නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්විය.