සරසවි ප්‍රවේශය ලබන සිසුන්ට ලබාදුන් නායකත්ව පුහුණුව මෙම වසරේ සිට නතර කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අද (21දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ පැවති නායකත්ව පුහුණු වැඩසටහන විධිමත් එකක් නොවන බවයි. විශ්වවිද්‍යාල දරුවන්ගේ කුසලතා සහ නායකත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ හැකි විධිමත් නායකත්ව පුහුණු වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන බව ඒ මහතා එහිදී සඳහන් කළේය.