පස් කන්දක් නාය යෑමේ අවදානම හේතුවෙන් හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
හැටන් - කොළඹ ප්රධාන මාර්ගයේ දියගල මංසන්ධිය අසල ප්රදේශයේ පිහිටි පස් කන්දක් මෙසේ නාය යෑමේ අවදානමකට ලක්ව ඇති අතර එය සක්රීය වෙමින් පැවතීම නිසා අද (25දා) පෙරවරුවේ සිට එම මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කෙරෙන රථවාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද පොලීසිය ඉල්ලා සිටියි.
ගාමිණි බණ්ඩාර - හැටන්